පාදෙණිය GMOA එක විනාශ කරන්න ආපු පෙරේතයෙක්….! බොරු කිරිපිටි විරෝධයක් මවන කාඩ්බොඩ් වීරයෙක්….! බිස්නස් වැටෙන නිසා ලංකාවේ වෛද්‍ය විද්‍යාල හදන්න දෙන්නෑ…!

July 25, 2021 at 10:27 pm | by emanisa.lk

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යනු රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විනාශ කිරීමට පැමිණි ප්‍රේතයෙකු බව එම සංගමයේ ලේකම් ධූරය සඳහා තරඟ වැදීමට සූදානමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි.

අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස මතු කළ කිරිපිටි විරෝධය, සයිටම් විරෝධය සමාජය ඉදිරියේ කාඩ්බෝඩ් වීරයින් වීමට කළ බොරු රඟපෑම් බව ද ඔහු චෝදනා කරයි. එමගින් කිරිපිටි සමාගම් නෙගටිව් මාර්කටින් කරමින් ඔවුන් අනියම් වාසි ලබන බව ද වෛද්‍ය අතපත්තු අනාවරණය කරයි.

ලංකාවේ වෛද්‍යවිද්‍යාල ආරම්භ කිරීමට පාදෙණියලා එරෙහි වන්නේ ඔවුන්ගේ සමීපතමයින් පිටරටවලට විශ්වවිද්‍යාලවලට ළමයින් යවන ඒජන්සි පවත්වා ගෙන නිසා බවට ද හෙතෙම චෝදනා කරයි. මෙම කණ්ඩායම අනාගතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් වීමට ප්‍රතිරූප ගොඩනඟා ගනිමින් සිටින බව ද වෛද්‍ය අතපත්තු පෙන්වා දෙයි.

තමා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ රූකඩයක් නොවන බවත් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු ගමන් කළ පෙළපාළියක් සඳහා තමන් කැඳවා පින්තූරයක් ගෙන ඇති බව ද ඔහු හෙළි කරයි. ඉදිරි මැතිවරණය නිවැරදි ක්‍රමවේදය අනුව දූෂණයෙන් තොරව පැවැත්වුවහොත් පාදෙණිය ඇතුළු පිරිස පරාජයට පත්කරන බව ද වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස