විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හරකෙක් බව ප්‍රසිද්ධ නිළියක වන සමන්මලි ෆොන්සේකා පවසයි.
වෛද්‍ය පාදෙණිය අතීතයේ සිංහලයන් නිර්මාංශී බවත් එහෙයින් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට අවස්ථාව ලැබුණු බවත් පැවසීමට එරෙහිව ෆේස්බුක්හි අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.
අපේ බෞද්ධ සංස්කෘතිය මගින් නිර්මාංශ වීමට අනුබල දෙන බවත් කැඳවලින් මාංශවලින් ලබාගත් පෝෂණ කොටස් අප ලබා ගත් බවත් පවසන වෛද්‍යවරයා රොබට් නොක්ස්ගේ වාර්තා සහ සෙසු වාර්තා මගින් අප නිර්මාංශ ජීවිතයක් ගත කළ බව ද තහවුරු වන බව ද පෙන්වා දෙයි.
කෙසේ වුවද සමන්මලි ෆොන්සේකාගේ අදහස එහිදී දැඩි ලෙස විවේචනයට සහ උපහාසයට ලක්කර ඇති අතර ළමා ස්නායු රෝග විශේෂඥයකු වන වෛද්‍ය පාදෙණියගේ අදහස ප්‍රතික්ෂේප කිරීමට කලා උපාධියක් කළ නිළියක වන සමන්මලීට ඇති සුදුසුකම කුමක් දැයි ද ප්‍රශ්න කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී කටයුතු කරන සමන්මලි පසුගිය සමයේ ජේතවනාරාම දාගැබෙහි කුණු පිරවිය යුතු බව සඳහන් කිරීම නිසා ද මහත් ආන්දෝලයට ලක්විය.
එම සංවාද කොටස සහ වීඩියෝව පහත දැක්වෙයි.