පාතාළයන්ට හිරේදී සැප දුන් සම්පායෝ කෝ? ඔහු අත්අඩංගුවට ගන්න බැරි පොලිසියක් මොකටද? – වසර 136ක ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවක් කැඳවා පොලිසිය හම ගසයි….

August 1, 2020 at 10:04 am | by emanisa.lk

මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා ලෙස සිටිමින් පාතාළ කල්ලි සමග එකතු වී කටයුතු කළ බවට චෝදනා එල්ල වී වරෙන්තු ලබා සිටින අනුරුද්ධ සම්පායෝ දින 10ක් තිස්සේ අත්අඩංගුවටගත නොහැකි නම් 87 000ක් සිටින පොලිස් දෙපාර්තමේන්තුව කුමට දැයි නියෝජ්‍ය සොලිසෙටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රශ්න කරයි.

වසර 136ක ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව විමසා සිටියේය.

අද වන විට රටේ ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජනය කරන තැන දක්වා බලවත් වීමට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගෙන් ශක්තිය ලැබී ඇතැයි සඳහන් කළ දිලීප පීරිස් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ රාජධානියක් කළ අය පිළිබඳ සොයා එම ආයතන පිරිසිදු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

එහෙයින් ඊළඟ නඩු දිනයේ පොලිසිය අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ආ යුතු බවත් නැතහොත් එසේ නොකිරීමට හේතු දැක්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු සඟවා ගෙන සිටින පිරිස ද හෙළදරව් කර එය මර්දනය කර දැමිය යුතු යැයි දිලීප පීරිස් දැඩි කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස