රටම අභිමාණයෙන් ඉහළට ඔසවා තබන ලංකා මිසයිලයක් මෙවර නිදහස් උළෙලට!

February 1, 2019 at 12:27 pm | by admin

මෙරට ප්‍රථම වරට නිපදවන ලද යුද උපකරණ කිහිපයක් 71 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළියේදී ගෙන යෑමට නියමිත බව වාර්තාවේ.

මෙම යුද උපකරණ නිර්මාණය කරන ලද ආචාර්ය චන්දන පෙරේරා, බ්‍රිගේඩියර් ආචාර්ය තිරාන් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු ශිල්පීන් හට තමා සුබපතන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යට ප්‍රකාශ කළේය.

තම ආණ්ඩුව පැවැති කාලයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම යුද උපකරණ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ පුහුණුව අදාළ නිලධාරීන් හට ලබාදුන් බවත්, ප්‍රථම වරට අප රට තුළ මේ ආකාරයේ යුධෝපකරණ නිෂ්පාදනය කිරීම විශේෂ අවස්ථාවක් බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

මේ ආකාරයට ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද මිසයිලයක්, මල්ටිබැරල් රොකට් ආදිය 71 වැනි ජාතික නිදහස් දින උත්සවයේ ආචාර පෙළපාළියට එක් කිරීමට නියමිත බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *