එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් බවත් එය නවීන ලෝකයට සුදුසු නැති බවත් ඇමති එරාන් වික්‍රමරත්න පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු පුළුල් සංකල්පයක් බව පෙන්වා දෙන ඇමතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයට අවශ්‍ය කාරණාවක් බවත් එජාප ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතු බවත් පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන විට මෙම ව්‍යවස්ථාව ඊළඟ නායකයාට නොදී එය ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
රනිල් සමග මතවාදීමය වෙනස්කම් තිබුණ ද ඔහු සමග කිසියම් සාකච්ඡාව කර ගැටලු විසඳා ගැනීමේ හැකියාවක් ඇතැයි තමන් සිතන බව ද ඔහු පවසයි.
සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබිණි.