නූගත් මිනිසුන් කරන විවේචන රටේ සංවර්ධනයට බාධාවක්….! ගල්කිස්ස වෙරළ ව්‍යාපෘතියට සමච්චල් කළ අය අද නිහඬයි…! – හිටපු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ

March 25, 2021 at 9:01 am | by emanisa.lk

හිටපු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති තැබූ ෆේස්බුක් සටහනකි.

“රාජ්‍ය නිලධාරින් වශයෙන් අප මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා සමාජ මාධ්‍යජාලා හා අනෙකුත් මාධ්‍ය මගින් මේ පිළිබඳව කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති පුද්ගලයින් නැගූ අපවාද අවලාද අපමණයි. මෙම ව්‍යාපෘතිය අපහාසයට උපහාසයට සමච්චලයට ලක් කොට බොහෝ පුද්ගලයින් සිනාසුනි. ගල්කිස්ස වෙරළ දැකලාවත් නොමැති අය මේ ව්‍යාපෘතිය ගැන බොහෝ අපහාස සටහන් තබා තිබුණි.

මේ නිසා රාජ්‍ය නිලධාරීන් වශයෙන් අප බලවත් අපහසුතාවකට පත්වුණි. එනිසා මානසිකව ඇදවැටුණු වාර ගණන අපමණයි. අවංකව දේශපාලන භේදයකින් තොරව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සමාජය මීට සංවේදි විය යුතුය.

නමුත් අද වන විට සියල්ලට ම සත්‍ය පසක් වී තිබෙනවා. එම ව්‍යාපෘතියේ සාර්ථකභාවය අද වෙන විට ඕනෑ ම අයෙකුට තමන්ගේ දෑසින් දැක ගැනීමට හැකි වෙනවා. නමුත් දැන් සමාජ මාධ්‍යජාලා හෝ වෙනත් මාධ්‍යක් ඒ පිළිබඳව කතා නොකරයි. සාර්ථකත්වයන් ගැන කතා කිරීමත් මාධ්‍යයට අකැප දෙයක් නොවේ.

එනිසා රාජ්‍ය නිලධාරින්ට තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටුකිරිමට සහය දිය යුතු නොවේද? රජයේ නිලධාරීන් අධෛර්යයට අපහසුතාවට පත් කිරීම නොව අවංකව දේශපාලන භේදයකින් තොරව නිසි පරිදි වැඩකිරිම සඳහා ධෛර්යය සැපයීම කළ යුතුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *