ගල්කිස්සේ වෙරළට වැලි දැම්මේ වැල්ලවත්තේ වෙරළක් හැදෙන්න! – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

June 2, 2020 at 10:31 am | by emanisa.lk

කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය සැලැසුම් කළේ වෙරළ ඛාදනය අවම කිරීම සඳහා බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ (01) ප්‍රකාශ කළේය.

2017 වසරේ බලපෑ ගංවතුර නිසා කළුතර, කැලිඩෝ වෙරළ තීරය විශාල ලෙස ඛාදනය වූ බව පැවැසූ ඔහු රත්මලාන, අඟුලාන සහ ගල්කිස්ස වෙරළ කලාපයද එලෙසම ඛාදනය වූ බව පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසුවේ ගල්කිස්ස වෙරළ තීරයේ වැලි පිරවීමට රුපියල් මිලියන එකසිය දහයක් පමණ වැය වූ බවයි.

මුහුදු රළ වැදුන පසු මෙසේ පුරවන ලැබූ වැටියේ ඇති වැලි වැල්ලවත්ත පෙදෙසට ගසාගෙන ගොස් මීටර් පහළොවක පමණ වෙරළක් නිර්මාණය වීමට නියමිත බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස