නීතිය ක්‍රියාත්මකයි! හකීම් සහරාන් සබඳතා හෙළිකළ මවුලවිට එරෙහිව විමර්ශන ඇරඹෙයි! (video)

October 26, 2019 at 10:11 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට නායකත්වය දෙමින් මරාගෙන මැරුණු සහරාන් හසීම් සහ ඇමති රවුෆ් හකීම් අතර පැවති සබඳතා හෙළිකරමින් විඩියෝ පටයක් නිකුත් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයා පිළිබඳ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබේ.

ඒ රිෆ්ලාල් මවුලවියරයා ජාතිවාදී මතවාද පතුරුවන්නකු බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ විමර්ශන සඳහා කට උත්තරයක් ලබා ගැනීම සඳහාය.

පොලිස් මූලස්ථානයට ඇමති රවුෆ් හකීම් සහ පාස්කු ත්‍රස්තවාදීන් අතර පැවති සබඳතා පිළිබඳ ලැබුණු පැමිණිල්ල පිළිබඳ විමර්ශන ආරම්භ නොකළ ද එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා අන්තවාදියකු ලෙස නම්කර වහාම විමර්ශන ආරම්භ කිරීම විශේෂත්වයකි.

එසේම හකීම්ගේ ත්‍රස්ත සබඳතා හෙළි කිරීමට පෙර මෙම මවුලවිවරයා පිළිබඳ එවැනි කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති වීම ද පුදුම සහගතය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස