නිරෝධායනයට පසු ගෙදර යද්දි පාරේ මැරී වැටිලා! කොරෝනා දැයි කියන්න PCR වාර්තාව තව ම නෑ!

November 6, 2020 at 2:29 pm | by emanisa.lk

නිරෝධායනය අවසන් කර නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක තිබී හමුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම සේවා මාවත පදිංචිව සිටි ධර්මලිංගම් වසන්දන් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හෙට්ටිපොළ ප්‍රදේශයේ ආපනශාලාවක සේවය කරමින් සිට ඇත. එම හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එහි සේවය කළ සියලු දෙනා එම හෝටලයේ ම නිරෝධායනය සඳහා යොමු කර ඇත.

මෙම පුද්ගලයා නිරෝධායන කාලය පෙරේදා (4) අවසන් කර ඊයේ (5) සිය නිවස බලා පිටත්ව ගොස් තිබේ.
එ ලෙස පැමිණෙන අතරතුර ඔහු මෙලෙස මියගොස් ඇත. මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව වාර්තා වේ. පුත්තලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *