නිරෝධායනයට අරන් යද්දි රියදුරාගේ බෙල්ල මිරිකුවා! අපි අපේ ඇඳං මෙට්ට ටිකත් දීලා ඔවුන් රැකගත්තේ! බෝතල් කෑලිවල තේ දෙන හමුදාවක් නෙමේ අපි!- හමුදාපති (video)

March 12, 2020 at 11:12 am | by emanisa.lk

මඩකලපුව හිස්බුල්ලා ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායනය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දී හමුදාව සිදුකරන කැපකිරීම් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රටට අනාවරණය කළේය.

එහිදී ඇතැම් පිරිස් නිරෝධායන කටයුතුවලට සහාය නොදුන් බවත් පිරිසක් ඔවුන් රැගෙන ගිය බසයේ රියදුරාගේ බෙල්ල මිරිකූ බවත් හෙතෙම හෙළි කළේය.

“ඒ පිටරට ඉදලා එන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ මිනිස්සු ලංකාවට එන්නේ නැතිව වෙන රටකට යන්නද? අපි ඒ අය රැකබලාගත යුතුයි. මම දැක්කා මේ දැන් එක් අයෙක් දාලා තිබුණා බෝතලයක් කපලා කිරි දෙන්නේ කියලා. ලංකාව හමුදාව එහෙම හමුදාවක් නෙවෙයි. අපේ ඇදවල්, කොට්ට, මෙට්ට ටික ඒ අයට දීලා අපි දැන් බිම නිදා ගන්නේ.”

දෙරණ අලුත් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ හමුදාපතිවරයා මෙම අනාවරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස