නාමල්ට ක්‍රීඩාව හදන්න බැරි නම් කිසිවෙකුට එය කළ නොහැකියි….! – හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග…

January 27, 2021 at 10:07 am | by emanisa.lk

ඇමැති නාමල් රාජපක්ෂට ක්‍රීිඩාව දියුණු කළ නොහැකි නම් වෙන කිසිවෙකුට එය කළ නොහැකි බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

ඔහුගේ පියා රටේ අගමැති බවත් බාප්පා ජනාධිපති බවත් පවසන රණතුංග, ඇමැති නාමල්ගේ කටයුතුවලට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ ද ක්‍රීඩකයෙකු බවත් ඔහු ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇති බවත් සිහිපත් කළ හිටපු නායක අර්ජුන රණතුංග තමන් ඒ දෙස බලා සිටින බව ද සිහිපත් කරයි.

අද ලංකා කණ්ඩායම දැවී යන එංගලන්ත දඟ පන්දු යවන්නන් දෙදෙනාට එරෙහිව දින දෙක තුනක් පුහුණු කර සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා පිටියට යැව්ව ද එලව එලවා පහර දිය හැකි බව අර්ජුන රණතුංග සඳහන් කළේ ය.

සිරස සටන වැඩසටහනට ඊයේ (27) සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස