ඉරාජ්ට සහ ටෙහානිට ඇමති නාමල්ගෙන් තනතුරු!

August 18, 2020 at 9:22 pm | by emanisa.lk

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඔහු යටතේ ඇති ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු පත් කර තිබේ.

සංගීතඥ අනුෂ්ක ඉරාජ් වීරරත්න සහ තරුණ පරපුරේ ගායිකාවක් වන ටෙහානි ඉමාරා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඉරාජ් වීරරත්න එංගලන්තයේ Northumbria විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය පිළිබඳ උපාධිධරයෙකි. 24 හැවිරිදි ටෙහානි ඉමාරා අලෙවිකරණ පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලබාගෙන තිබේ.

ඉරාජ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පසුගිය සමයේ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් දක්ෂ සංගීතඥයෙකි.
ටෙහානි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ කටයුතු කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තේමා ගීතය සහ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ තේමා ගීතයක් ද ගායනා කර තිබෙන්නේ ඈ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස