නඩුව පවත්වා ගෙන යාමේ හැකියාවක් නෑ…! පයිප්ප බට නඩුවෙන් බැසිල් නිදහස්…!

October 15, 2021 at 4:03 pm | by emanisa.lk

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියම කර තිබේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවනු ලැබීය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුට අයත් රුපියල් 36,509,124/- ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප බට මිල දී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස