දොස්තර ෂාෆිගේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න සෞඛ්‍ය අමාත්‍යංශ ලොක්කෝ බටරටම වැඩ! කුරුණෑගල රෝහල් බලධාරීන් ජනතාවට යුක්තිය ඉල්ලා සටනේ!

May 30, 2019 at 7:34 am | by admin

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතා චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් කුරුණෑගල රෝහල් බලධාරින්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවට වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා කුරුණෑගල රෝහල් බලධාරීන්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කර ඇති ආරාධනාව ද ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.

‘මේක අපි ගොඩින් බේරා ගමු’ යැයි යෝජනා ඉදිරිපත් කළත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන ලද සය පුද්ගල කමිටුව පිළිනොගැනීමටත්, ඒ වෙනුවෙන් සාක්ෂි ලබා නොදීමටත් රෝහල් බලධාරින් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇත.

එහෙත් පවතින තත්ත්වය හමුවේ චෝදනා ලබා සිටින වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතාට එරෙහිව පැවැත්වෙන සාධාරණ පරීක්ෂණයක් වෙනුවෙන් පමණක් සිය සහාය ලබා දීමට රෝහල් බලධාරීන් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස