දේශපාලන බලපෑම්වලට මම ඉවත් වෙන්නේ නෑ! ඇත්ත කිව්වාම රස්සාවෙන් අයින් කරනවා නම් වෙන රටකට යන්න වෙනවා! – පාඨලීලා හැදූ ඉන්න හිතෙන රට ගැන සුහද ගම්ලත් කතා කරයි..

October 2, 2019 at 11:31 pm | by emanisa.lk

තමා සත්‍ය කතා කළ බවත් සත්‍ය කතා කිරීම දේශපාලනික වශයෙන් අර්ථකතනය කර ඇති බවත් හිටපු සොලිස්ටර් ජෙනරාල් සහ වර්තමාන වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සුහද ගම්ලත් පවසයි.

සත්‍ය කතා කිරීම දේශාපාලනික වශයෙන් අර්ථ කතනය කරන්නේ නම් මේ රටේ ජීවත් වීමේ තේරුම කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

තමා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති ඉල්ලා අස් නොවන බවත් තමාට එරෙහිව ඕනෑම පියවරක් ගන්නා තුරු තනතුරේ සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

මේ පිළිබඳ පිරිසක් කුලප්පු වී දඟලන විට ජනාධිපති ලේකම්වරයාට තමා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළත් තවත් නීතිඥයකු තමා ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කළ නිසා තමා එම තීරණය ඉවත් කරගත් බවත් එවැනි බලපෑම් මගින් තමා ඉවත් කළ නොහැකි බවත් හැකි නම් තමා ඉවත් කරන ලෙසත් ඔහු අවධාරණය කරයි.

“ඔවුන් ඕන නම් මං ඉවත් කරන්න පුළුවන්. නමුත් මම කළේ මගේ ජොබ් එක. මම ඉවත් කරන්නේ මගේ ප්‍රකාශය පදනම් කරගෙන නම් ඒකේ තියෙන දේශපාලනය මොකක්ද කියලා මම දන්නේ නෑ. මේ රටේ වෙන්නේ මොකක්ද කියලා මම ඉතාම නිවැරදිව කියලා තියෙනවා. මම ඇත්ත කිව්වාම ඒක දේශපාලනිකව අර්ථකථනය කරනවා නම් අපට යන්න වෙන රටක් හොයා ගන්න වෙනවා.”

මගේ ප්‍රකාශය හිටපු සොලිසිටර් ජනරල් දිල්රුක්ෂිගේ ප්‍රකාශයේ දිගුවක්. ඇවන්ගාර්ඩ් සිද්ධියේදී දේශපාලකයන් තමන්ට බලපෑම් කළ බව දිල්රුක්ෂි කීවා. මම ඒක තහවුරු කළා. මටත් වුණේ ඒකමයි කියලා මම කීවා. මේක දේශපාලන කතා කිරීමක් නෙමේ. මේක තමයි අද මේ රටේ රාජ්‍ය සේවයේ තත්ත්වය.

අද (02) Daily Mirror පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි. වත්මන් රජයේ අමාත්‍යවරුන් වන ඇමති පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආදීන් අරලියගහ මන්දිර‍යට රැස්වී ගෝඨාභය රාජපක්ෂ නීතියට පිටින් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අන්දම හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් විසින් හෙළිකිරීම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස