දේශපාලනෙන් මම කවදාවත් හම්බ කළේ නෑ…! ඇමැතිකමක් තිබ්බා නම් මෙහෙම ආර්ථික අමාරුකම් නෑ….! – එස්.බී….

August 29, 2021 at 3:50 pm | by emanisa.lk

තමා විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ සිට රැකියා කරමින් මුදල් ඉපයූ බවත් දේශපාලනයෙන් කිසිදු මුදලක් උපයා නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

පාර්ලිමේන්තු අසලත් තමන්ට අක්කර දෙකහමාරක් ඇති බවත් ඒවා තම බිරිඳගේ දේපළ බවත් ඔහු සඳහන් කරයි.

තමන්ට මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන්නේ ලක්ෂ දෙකහමාරක් වැනි පොඩි මුදලක් බවත් එය ලක්ෂ 300ක් වන තම ණයෙහි වාරිකයක් ගෙවා දැමීමට ප්‍රමාණවත් නැති බවත් එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.

තමා ජීවත් වන්නේ ගොවිතැන් කරමින් සහ බිරිඳගේ වැටුපින් බවත් හඟුරන්කෙත නිවස කුඩා එකක් බවත් ඔහු පෙන්වා දෙයි.

තමන්ට ඇමැතිකමක් තිබුණේ නම් කිසිදු ආර්ථික ගැටලුවක් ඇති නොවන බවත් ඡන්දෙට යන විට මිනිසුන් දෙන සල්ලි ඉතිරිත් වන බවත් එස්.බී. දිසානායක වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *