දෙමළ මුස්ලිම් ජනතාව විශ්වාස කළේ සිංහල සජිත්! ඒ නිසා ජනාධිපතිවරණයේදී ජාතීන් විදිහට බෙදුණා කියන්න බෑ! – ඩලස්

November 30, 2019 at 8:37 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ජාති ලෙස නොබෙදුණු බව ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ලෙස බෙදිණි නම් ඔවුන් ඡන්දය ලබාදිය යුතුව තිබුණේ එම්.කේ. ශිවාජිලිංගම්ට සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට බව ඇමතිවරයා පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස සිංහල නායකයකු බවත් දෙමළ මුස්ලිම් ජනතාව ඔහු කෙරෙහි විශ්වාසය තැබූ බවත් පවසන ඩලස් අලහප්පෙරුම එසේ නොවුණි නම් එය භයානක සංඥාවක් බවත් පවසයි.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස