දෙමළ ජාතික ගීය එපා නම් දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කිරීම නතර කරනවා! – සුමන්දිරන්

December 28, 2019 at 9:12 am | by emanisa.lk

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාව අහිමි කිරීම ජාතීන් අතර සුහදතාව බිඳ වැටීමට කාරණාවක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්නට එපා යැයි කියන්නේ නම් එහි තේරුම වන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගීය කිව යුතු නැති බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව බොහොම සන්තෝෂයෙන් ජාතික ගීය කිරීම අතහැර දමන බවද මන්ත්‍රීවරයා පැවසීය.

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස