දූෂණ අක්‍රම්කතා පිළිබඳ චෝදනා රැසක්…! SLBC සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යවයි…!

March 15, 2021 at 1:08 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බව වාර්තා වෙයි.

විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඔවුන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී තිබුනු බවට පසුගිය දා වාර්තා විය.

සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ තවත් තවත් ප‍්‍රශ්ණගත කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් වූ මෙම පියවර ගත් බව ගෙන ඇතැයිද සදහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *