දූෂණයෙන් තොර පොඩි මිනිහා රජකරවන යුගයකට මාගේ පියාණන්ගේ නාමයෙන් අත්වැල්බැඳගමු! – සජිත් ප්‍රේමදාස

May 31, 2019 at 9:16 am | by admin

දූෂණයෙන් හා වංචාවෙන් තොර පොඩි මිනිසා රජ කරවන කාර්යශූර, අවංක රාජ්‍ය පාලකයෙකු බිහිකිරීමේ ජනතා පැතුම ඉටු කිරීමට රණසිංහ ප්‍රේමදාස නාමයෙන් අප අත්වැල් බැඳගෙන කටයුතු කරමු යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව, ඇතිනිමලේ ඉදිකළ “ගජමුතුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස