දුරකතන සංවාදය එඩිට් කරලා! මම ඉල්ලා අස්වෙන්නේ නෑ! – සොලිසෙටර් ජනරාල්

September 22, 2019 at 10:41 am | by emanisa.lk

නිශ්ශංක සේනාධිපති සමග තමා සිදුකළ දුරකතන සංවාදය සංස්කරණය කර ඇති බවත් තමා සොලිසෙටර් ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි.

දේශපාලන බලපෑම් මත ඇවන්ගාර්ඩ් සමාගමට සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරූ බවටත් තමා ඒ පිළිබඳ කනගාටු වන බවටත් සඳහන් කරමින් ඈ සිදුකළ දුරකතන සංවාදයක් පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

එහිදී නීතිය හදන්නත් කඩන්නත් පුළුවන් යැයි තමා කළ ප්‍රකාශය තම මුවෙහි නිතර රැඳී ඇති ප්‍රකාශයක් බවත් එය සිය නීතිඥ වෘත්තීයට අනුව කරන තර්ක විතර්ක කර සිදු කරන බවත් පැවසුවාය.

තමා සෑම විටම නීතියට අනුව කටයුතු කළ බවත් ගෝඨාභය රාජපක්ෂගෙන් සමාව නො ඉල්ලූ බවත් ඇය සඳහන් කළාය. ඔවුන්ට එරෙහිව නඩු පැවරීම වැළැක්වීම පිණිස මෙම දුරකතන සංවාදය මුදා හැර ඇතැයි ද ඇය චෝදනා කළාය.

නිතීපතිවරයා සම්බන්ධ කර ගැනීමට තමා උත්සාහ කළ ද මෙතෙක් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බව ද සඳහන් කළාය.

සිලෝන් ටුඩේ පුවත්පත සමග සිදුකළ සංවාදයක දී ඈ මේ බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස