දුමින්ද ස්ටාලිං හමුවේ නීතිය නැමෙයි….! දින 14ට පෙර නිරෝධායනයෙන් මුදා හරී…!

July 16, 2021 at 8:07 pm | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ පැවැත්වීම නිසා නිරෝධායනයට යොමු කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිස ද ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලිං ඇතුළු පිරිස ද මුදා හැර තිබේ.

කෙසේ වුව ද මේ පිරිස දින 14 සම්පූර්ණ වීමට පෙර නිරෝධායනයෙන් මුදාහැර තිබේ. දුමින්ද නාගමුව ඇතුළු පිරිස නිරෝධායනයේ ගතකළේ දින 09ක් පමණි.

කෙසේ වුව ද මෙයට පෙර නිරෝධායන නීති කඩා උපන් දින සාදයක් පැවැත් වූ නිසා නිරෝධානයට යොමු කළ පියුමි හංසමාලී ඇතුළු පිරිසට දින 14 සම්පූර්ණ කිරීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *