දුමින්ද අපේ තාත්තට වෙඩි තිබ්බේ නෑ….! වෙඩි වැදිල මුලින් ම වැටුණේ දුමින්ද …! – හිරුණිකා…

June 25, 2021 at 8:43 am | by emanisa.lk

දුමින්ද සිල්වා සිය පියාට වෙඩි තැබුවේ යැයි තමා කිසි තැනක කියා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ද එසේ පවසා නොමැති බව ඇය අවධාරණය කරයි.

ශානි අබේසේකර ගොනුකර ඇති සාක්ෂි අනුව පළමුව වෙඩි වැදුණේ දුමින්ද සිල්වාට බවත් එය සත්‍ය බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඈ පාර්ලිමේන්තුව නියෝජනය කළ සමයේ පාර්ලිමේන්තුවේ දී සිදුකළ මෙම ප්‍රකාශය දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබීම සමග සමාජමාධ්‍යවල වේගයෙන් පැතිර යනු දැකගත හැකි ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස