හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා දෙන ලෙසට ද අතුරු නියෝගයක් නිකුත් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණි.
ජනාධිපති සමාව ලද දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූුරයට පත් කළ අතර ඔහු හිටපු නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න සමග විවාහ වන බවට ද රාවයක් පැතිර ගියේය.