දිනක් ඇතුළත කොරෝනා මරණ 09ක්! 319ක් සුව වෙද්දි අලුතින් 487කට ආසාදිතයි!

November 22, 2020 at 8:03 am | by emanisa.lk

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් නම දෙනකු ඊයේ (21) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අවුරුදු 48, 69, 75 සහ 76 යන වයස්වල පසුවන කාන්තාවන් සිවු දෙනෙක් ද, අවුරුදු 57, 65, 89, 72 සහ 76 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් පස්දෙනෙක් ද අද මිය ගිය අය අතර වෙති.

මෙම මරණ 9 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ යන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

මෙය ලංකාවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩි ම කොරෝනා මරණ ප්‍රමාණයයි.

මේ අතර ඊයේ තවත් ආසාදිතයන් 487 දෙනෙකු හමු වී ඇති අතර 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *