දාහත් අවුරුද්දක් මම අපූරුවට කාබනික කළා..! මේ ආණ්ඩුව අවුරුද්දක් කාබනික කරල ගොවියට වහ බොන්න වෙලා..! – මෛත්‍රී…

November 24, 2021 at 4:25 pm | by emanisa.lk

තමා කෘෂිකර්ම ඇමැති ලෙස මෙන් ම ජනාධිපතිවරයා ලෙස ද කාබනික ගොවිතැන වසර දාහතහාමාරක් කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මුළු රට ම කාබනික කිරීම එක රැයින් කළ නොහැකි බව පවසන හිටපු ජනාධිපතිවරයා, මේ වන විට රටේ ගොවිතැන විශාල අවුලකට මුහුණ දී ඇති බවත් ඊට වගකිව යුත්තේ කෘෂිකර්ම ඇමැතිවරයා බවත් අවධාරණය කරයි.

දැන් රසායනික පොහොර ගෙන්වීමට අවසර දුන්න ද ප්‍රමාද වැඩි බවත් ගොවි ජනතාවට වහ බොන්නට සිදුව ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. ගොවීන්ට ආණ්ඩුව සහන දිය යුතු වුවත් ලැබුණේ අසහනය බව ද හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *