තෙල් මිල සූත්‍ර දවස අදයි! ලෝක වෙළෙඳපොළේ බැරලයක මිල ඩොලර් 8කින් පහළට! ලංකාවෙත් විශාල මිල අඩු වීමක්?

June 10, 2019 at 12:27 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය අද (10) දින ක්‍රියාවට නැංවීමට නියමිතය. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සෑම මසකම 10 වෙනි දින නවතම ඉන්ධන මිල ගණන් තීරණය කෙරේ.

2019 මැයි 10 දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70 අගය ඉක්මවා ගොස් තිබූ අතර ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ දැමිණි.

කෙසේ වෙතත් මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 63.29ක් දක්වා ඩොලර් 8කට වැඩි අගයකින් පහත බැස ඇති බැවින් අද (10) දින මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් රු. 10ක පමණ අගයකින් පහළ පහළ යා යුතුය.

කෙසේ වුවද බොහෝ අවස්ථාවල මෙම මිල සූත්‍රය අනුව සිදු වූයේ තෙල් මිල ඉහළ යාමය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *