තවුහිද් දේශනවලට පැමිණි අයකුට රු. 10000 සහ හරක් භාගයක් දුන්නා! – සහරාන්ගේ සගයෙක් හෙළි කරයි….

May 27, 2019 at 1:58 pm | by admin

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින් අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් තිබේ.

කිවුලේකඩ පදිංචිකරුවකු වන හොරොව්පතාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීයකු හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසලක රාජකාරි කළ උප ගුරුවරයෙකුද ඒ අතර වේ.

සහරාන් පැවැත්වූ දේශනවලට සහභාගී වූවන්ට මස් පිණිස ගවයින් හා මුදල්ද ලබාදුන් බව මෙම සැකකරුවන් හෙළි කර තිබේ.

දේශන සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනකුට එක් ගවයකු බැගින් ලබා දී ඇති අතර පුද්ගලයකුට රු. දස දහස බැගින් මුදලක්ද ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස