තවුහිද් ජමාද් පල්ලිවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ගිහිල්ලා! කොළඹ විශ්වවිද්‍යාලයක ඇදුරෙක් මුන්දලමින් අල්ලයි!

May 1, 2019 at 8:32 am | by admin

තවුහිත් ජමාත් සංවිධානයේ පල්ලිවල දේශන පැවැත් වූ බව කියන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු මුන්දලම මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඊයේ ( 30 ) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු අග නගරයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන බවත් පොලිසිය කියයි.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී සිම් කාඩ් පත් 18 ක්, ලැප්ටොප් පරිඝණක දෙකක්, අයි පැඩ් එකක් සමඟ සැකකරු භාවිත කළ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස