තවමත් හදවතේ ජනපති මහින්දමයි! නව ආණ්ඩුකාර මුසාම්මිලුත් අතිගරු ජනාධිපති මහින්ද…කියා වැඩ අරඹයි! (video)

June 8, 2019 at 8:35 am | by emanisa.lk

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසාම්මිල් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අනතුරුව සිය කාර්යාලයේ දී නිල රාජකාරී කටයුතු ආරම්භ කර මාධ්‍ය ඇමතූ ආණ්ඩුකාරවරයාගේ මුවින් මුලින්ම පිටවූයේ “අතිගරු ජනාධිපති මහින්ද…” කියාය.

අනතුරුව තමන්ට වැරදුණු බව වටහා ගත් ආණ්ඩුකාරවරයා සමාව ගෙන නැවත කතාව ආරම්භ කළේය.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ මුල් අවස්ථාවේ මෙය සිදුවිය හැකි වුවද වසර 4කට පසු ද එයම සිදුවීම පුදුම සහගතය.

මෙයට පෙර වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවවල දී ද කිහිප දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් අවසර ගැනීම සිදුවිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස