ඉස්ලාමික රාජ්ය ත්රස්තවාදීන් (IS) සමඟ සබඳතා පවත්වන ලදැයි සැකකරන ශ්රී ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියාව විසින් ශ්රී ලංකා බලධාරීන් වෙත සපයනු ලැබ තිබේ.
බෝම්බ පිපිරීමට සම්බන්ධ ශ්රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිප දෙනෙකු අතර ඇති වූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සමග ලබා දී ඇතැයි ඉන්දියන් එක්ස්ප්රස් පුවත්පත් වාර්තා කර ඇත.
කෙසේ වුවද බලධාරීන් මෙතෙක් එම සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේ ද යන්න පිළිබඳ වාර්තා වී නොමැත.