තරුණ පරම්පරාවට දේශපාලකයෝ විහිළුවක් වෙලා ඉවරයි…! – හිරුණිකා…

March 18, 2023 at 6:42 pm | by emanisa.lk

ලංකාවේ තරුණ පරපුර තව දුරටත් දේශපාලකයින්ට බය නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අරගලය නිසා රටට සිදු වූ එක හොඳ දෙයක් නම් මෙලෙස තරුණයින්ට හොඳ කශේරුකාවක් ලැබීම බවයි, ඇය ප්‍රකාශ කළේ.

දැන් තරුණයින් දේශපාලකයින් සමාජ මාධ්‍ය ඔස්සේ විහිළුට ගෙන ඇති බවත් ඒවා ඉවසීමට දේශපාලකයින් හුරුවිය යුතු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

මේ වන විට ජනතාව ඉදිරියට යා හැකි එක ම දේශපාලන පක්ෂ දෙක සජබ සහ ජාජබ බව ද ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේග ජන හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *