ඩයනා පක්ෂයෙන් නෙරපනවා…- ! සජබෙ… මේවා විහිළු…පක්ෂෙ අයිතිකාරයෝ එළවන්න සජිත්ට බෑ…!- ඩයනා…

October 8, 2021 at 8:31 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයේ පත් කළ මන්ත‍්‍රී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තිරණය කර ඇත. මේ බව මැතිවරණ කොමිසමට දැනුම්දීමට ද සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

කෙසේ වුව ද තමා සමගි ජන බලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම විහිළුවක් බවත් සජිත් ප්‍රේමදාස එම පක්ෂය ඒකාධිපතිත්වය කරා රැගෙන ගොස් ඇති බවටත් ඩයනා ගමගේ චෝදනා කරයි.

පක්ෂය කෑලි කෑලිවලට කැඩී ගොස් ඇති මොහොතක තමන්ට එරෙහිව විනය පරීක්ෂණ කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන ඩයනා ගමගේ පක්ෂයේ අයිතිකරුවන් වන තමන්ට සජිත් ප්‍රේමදාස විනය පරීක්ෂණ කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *