ජෝගිං ට්‍රැක් හදන්නේ ජනතාවගේ සෞඛ්‍ය ගැන නෙමෙයි, තමන්ගේ බඩගෝස්තරවාදය ගැන හිතල…! – මනූෂ….

September 20, 2021 at 9:33 pm | by emanisa.lk

රටේ ජනතාවට කොවිඩ් වැළඳී ඇති පසුබිමක රටට උවමනා ඇවිදින මංතීරු දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රශ්න කරයි.

ගමක් ගමක් ගාණේ මෙම ඇවිදින මංතීරු ඉදිකරන්නේ ගමේ සිටින සිය ඇම්බැට්ටයින්ට මුදල් පොම්ප කිරීම සඳහා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේ නොමැතිව ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා ඇවිදින මංතීරු ඉදි නොකරන බවත් ඒ සිය බඩගෝස්තරවාදය සඳහා බවත් මනූෂ නානායක්කාර අවධාරණය කරයි.

අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස