ජාතික ආපදාවක් මැද ආගමික ඉල්ලීම්වලට යටවෙන්න බෑ! කොරෝනාවලින් මියගියොත් ආදාහනය කරනවා! විශේෂඥ මතය ඒක නම් අපි එය ක්‍රියාත්මක කරනවා! – මහින්ද රාජපක්ෂ (video)

April 4, 2020 at 12:09 am | by emanisa.lk

ජාතික ආපදාවක් මැද ආගමික ඉල්ලීම්වලට යටවෙන්න බෑ! කොරෝනාවලින් මියගියොත් ආදාහනය කරනවා! විශේෂඥ මතය ඒක නම් අපි එය ක්‍රියාත්මක කරනවා! – මහින්ද රාජපක්ෂ (vedio)

කොරෝනා වසංගතය වැනි ජාතික ආපදාවක දී ආගමික චාරිත්‍ර වාරිත්‍ර ආදිය සඳහා ප්‍රමුඛතාව ලබාදිය නොහැකි බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇත්තේ කොරෝනා වැළඳී මිය ගිය අයකුගේ සිරුරක් පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මගපෙන්වීමක් පමණක් බවත් ඒ ඒ රටවල තත්ත්වය අනුව එය යාවත්කාලීන කරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ලංකාවේ ජල තට්ටුව ඉහළින් පිහිටා තිබීමත් පස කබොක් සහිත වීමත් නිසා කොරෝනා සිරුරු භූමදාන කළහොත් එම විෂබීජ තිරස් අතර පැතිර යාමේ අවදානමක් ඇති බව පෙන්වා දුන් අනිල් ජාසිංහ මීගමුවේ පසේ ස්වභාවය මාතරට ද මාතර ස්වභාවය තිරිකුණාමලයට වෙනස් බවත් එහෙයින් භූමදානය සඳහා නිර්නායක සැකසීම අපහසු බවත් සඳහන් කළේය.

එසේම මළ සිරුරු රැගෙන වැඩි දුරක් යාමට හැකියාවක් නොමැති බවත් එහෙයින් රෝගියා මිය ගිය රෝහලට ආසන්න ආදාහනාගාරයේ සිරුර ආදාහනය කරනු මිස වෙනත් විකල්පයක් නොමැති බව ද අවධාරණය කළේය.

එහිදී කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් අයගේ මළ සිරුරු භූමදාන කිරීමට අවසර ඉල්ලා සිටි රවුෆ් හකීම් අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ බෞද්ධයන් ද පාංශුකූලය දීම සඳහා ඔවුන්ගේ සිරුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද මේ පිළිබඳ තමන් විශේෂඥයන් නොවන නිසා තමන්ට වැඩ කිරීමට සිදුවන්නේ විශේෂ මතය අනුව බවය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු විශේෂඥ පිරිස ඉවත්කර වෙනම සාකච්ඡාවක් ලබා දෙන ලෙස රවූෆ් හකීම් කළ ඉල්ලීම ද අගමැතිවරයා බැහැර කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස