ජවිපෙ මෙවරත් මාලිමාවෙන්! දිස්ත්‍රික්ක 22ටම තරඟ වදින්න සූදානම්!

March 11, 2020 at 1:00 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණය සඳහා මාලිමාව ලකුණ යටතේ ජාතික ජන බලවේගය ලෙස තරග කිරීමට ලබන 17 වැනිදා සිට නාම යෝජනා භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි ලබන 16 වැනිදා මෙම නාම යෝජනා සඳහා අත්සන් තැබීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයේදී මාලිමාව ලකුණ යටතේ ජාතික ජන බලවේගය ලෙස මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 සඳහාම තරග කරන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නාමයෝජනා සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව