ජන වරමට අනුව සියල්ල තීන්දුයි! අලුත් ව්‍යවස්ථාව වසරක් ඇතුළත!

September 6, 2020 at 6:23 pm | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසරක් ඇතුළත කෙටුම්පත් කර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (02) ලැබුණි.

කෙටුම්පත් කිරීම සඳහා විශේෂඥ මණ්ඩයක්ද ස්ථාපිත කරන ලදී. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම විශේෂඥ මණ්ඩලයට අධිකරණ අමාත්‍යාංශය ලබන සතියේ දී පත්වීම් ලිපි ලබා දීමට සැලැසුම් කර ඇත.

මෙම විශේෂඥ මණ්ඩලයට, කාර්යාලයට සහ කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 100ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස