‘ජනාධිපති ගෝඨාභය ද ආරක්ෂක ලේකම් ගෝඨාභය ද?’ මම ඕන චරිතෙකට සූදානම්…! නමුත් පරණ පාදඩ දේශපාලනයට සූදානම් නෑ…! – ජනපති…

January 9, 2021 at 11:11 pm | by emanisa.lk

කොවිඩ් මර්දනය සඳහා ඉන්දියා, චීනය සහ රුසියාව ආදී රටවලින් එන්නත් කඩිනමින් මෙ රටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ පෙර පැවති ආණ්ඩුව මෙන් දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටීම නොව ජනතා අපේක්ෂා වෙනුවෙන් කාලය වැය කිරීම තම වුවමනාව බව ය.

“ජනාධිපතිවරයා හැටියට ඒ වගේම රජය හැටියට අපේ ප්‍රතිපත්තියේ මුලික දෙයක් තමයි කෘෂිකර්මාන්තය දියුණු කිරීම. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න පවුල්වල ඉඩම් ලබාදෙන එක, පොහොර ලබාදෙන එක සහ ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන යෑමට අවශ්‍ය වන දේවල් ලබා දෙන්න තමයි අපේ මූලික ප්‍රතිපත්තිය.

මේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් බවට පෙරළීමට තමයි මේ ගමින්ගමට ගිහින් නිලධාරිනුත් ගෙනගොස් පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියාකරන්නේ. අපි මුලින් ආපු වෛරසය පාලනය කර ගත්තා දක්ෂ ලෙස. නමුත් දෙවන වර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝවන නිසා ජනතාව හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම්වෙන්න ඕනේ.

මේ වන විටත් ඉන්දියාව, ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය, රුසියාව වැනි රටවල් සමග සාකච්ඡා කරලා ඉක්මනින්ම එන්නත් අපටත් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. මම ඉන්දියාවේ අගමැතිවරයාට පුද්ගලිකව ලිපියක් ලිව්වා. චීනයේ ජනාධිපතිට පුද්ගලිකව ලිපියක් ලිව්වා ඉක්මනින් ඒ අය සුදානම් විගස අපට මේ එන්නත ලබාදෙන්න කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත්, ඉන්දියාවෙනුත්, චීනයෙනුත් යම් කොටසක් අපිට ලබාදෙයි. ඉතිරි කොටස අපි මිල දී ගන්නවා. විශාල ජයග්‍රහණයක් අපිට ලබාදුන්නේ තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා. ජනතාවගේ අවශ්‍යතා බලාගෙන රජයක් රටක් ඇති කරන්න. දේශපාලන ක්‍රමය පවා වෙනස් කරන්නට. ඒ හින්ද තමයි. මම බලයට පත් වුණාට පස්සේ ගියපාර වාගේ දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. අනවශ්‍ය ලෙස බලපෑම් කරලා දේශපාලනය මුල්කරගෙන වැඩකරන්න මම සූදානම් නැහැ.

හැබැයි එහෙම කරනකොටත් අවසනාවකට වාගේ දැන් විරුද්ධ පක්ෂයත් තේරුම් අරගෙන නැහැ. ඒ අයත් අර පාදඩ දේශපාලනය තවමත් කරනවා. පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරෝත්තු වන්නේ. නන්දසේන කියලා.. ඔව් මම නන්නදසේන ගෝඨාභය හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්නදසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා.
දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා. අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවානම් මට ඒ ජාතියෙන් කරන්නනත් පුළුවන්.

දැක්කනේ මට අර පිත්තල හංදියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කළපුවේ උස්සගෙන අවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්.

දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දෙශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස