කාමරවලට වී ඉන්න එපා…! ජනතාව අතරට යන්න…! – ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්.

January 7, 2021 at 5:48 pm | by emanisa.lk

ජනතාවගේ ගැටලු විසඳීමේ දී මහජන නිලධාරීන් වශයෙන් කළයුත්තේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අද (07) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

“ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට එක්වී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස