ජනාධිපතිවරණය අබියස ශ්‍රීලනිපය තුනට කැඩෙයි! වැඩි පිරිසක් පොහොට්ටුවට! තව කොටසක් එජාපයට! ඉතිරිය මහ ගෙදර!

August 4, 2019 at 8:49 am | by emanisa.lk

ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රී කණ්ඩායම පිල් තුනකට බෙදී ජනාධිපතිවරණය ගැන අදහස් දක්වන්නට පටන්ගෙන ඇත. එයින් මන්ත්‍රීන් 8 දෙනෙකු පමණ නියෝජනය කරන දුමින්ද දිසානායක ජාතික සංවිධායකවරයා එ.ජා.ප.ය සමඟ සන්ධානගත වීමට යෝජනා කර ඇත.

පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීන් 10ක් පමණ පොහොට්ටුව සමඟ සන්ධාන ගතවිය යුතු යැයි ප්‍රකාශ කර ඒ අනුව ක්‍රියාකරමින් සිටිති.

ශ්‍රී.ල.නි.ප. මතවාදය ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කොට මැතිසබයේ තීරක බලයක් ලබාගත යුතු යැයි තෙවැනි කණ්ඩායම ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. එයට නායකත්වය දෙන්නේ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් බව කියැවේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නුදුරේදීම හමු වී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස