ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව දිනනවා! ශ්‍රීලනිපය බල පෙරේතකමට පොහොට්ටුවේ එල්ලෙන්න හදනවා! චන්ද්‍රිකා

September 13, 2019 at 12:47 pm | by emanisa.lk

ශ්‍රීලනිපයට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි වුවත් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ඒ ඊට පසු හෝ ජයග්‍රහණය කිරීම සඳහා සිය ඡන්ද ටික ආරක්ෂා කරගත යුතු නිසා බව ඇය පෙන්වා දෙයි.

එහෙත් පසුගිය මැතිවරණයේදී පොහොට්ටුව පන්නා දැමිය යුතු යැයි ඡන්දය ඉල්ලූ ශ්‍රීලනිපය බලයේ සිටීමට ඇති කෑදරකමට පොහොට්ටුවේ ඇඟේ එල්ලීමට හදන්නේ යැයි හිටපු ජනාධිපතිනිය චෝදනා කරයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස