ජනමතයට බයේ ආණ්ඩුව පළාත් සභා ඡන්දෙ කල් දැම්මා! – සමගි ජන බලවේගය…

December 31, 2020 at 1:22 pm | by emanisa.lk

ජන මතයට බියෙන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහ ජනාධිපති ධුරය අතේ තබාගෙන පළාත් සභා මැතිවරණය පිළිබඳ කයිවාරු ගැසූ ආණ්ඩුව මේ වන විට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට බියෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ 13+ පිළිබඳ කතා කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා මැතිවරණය කල් දමන බවත් සමගි ජන බලවේගය ඕනෑ ම මැතිවරණයකට සූදානම් බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස