ජනපති වෙලා කිරි ගොවීන්ට තණබිම් ලබා දෙනවා! – සජිත්

November 13, 2019 at 10:41 pm | by emanisa.lk

එළඹෙන 16 වෙනිදා ජනාධිපති ධුරයට පත්වී පොළොන්නරුවේ කිරි ගොවීන්ට තණ බිම් ලබා දෙන බව සජිත් ප්‍රේමදාස පවසයි.

පසුගිය සමයේ ඇති වූ සේනා දළඹු වසන්ගතය නිසා සිදු වූ වගා හානියට වන්දි ගෙවීම නිසි ලෙස සිදු නොවූ බවත් එය තමා විධිමත් කරන බවත් සඳහන් කළේය.

ලෝකයේ ඇති ඩිජිටල් විප්ලවය රටට ගෙනැවිත් පොළොන්නරුවට ද ගෙන එන බව හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (12) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනරැලියක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස