ජනපති ජනහමු පැවති ස්ථානයක් අසල වැවකින් ක්ලේමෝ බෝම්බයක්!

June 7, 2019 at 12:47 pm | by emanisa.lk

පසුගිය 01දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිහිපයක් විවෘත කිරීම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරිය ප්‍රදේශයේ වැවක තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවී තිබේ.

මැදිරිගිරිය බිසෝපුර දහම්වැව තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත මෙම ක්ලෝමෝ බෝම්බය ඊයේ (06දා) එම වැවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුට හමුව තිබේ.

ඔහු මසුන් ඇල්ලීම සඳහා භාවිත කළ විසි දැළකට පැටලී මෙම බෝම්බය හමුව ඇති අතර පසුව පොලීසිය එම ස්ථානයට ගොස් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දැනුම් දීමෙන් පසු බෝම්බය නිශ්ක්‍රිය කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *