ජනපති ගමනට 24 පැයක් ගෙවෙද්දී සිස්ටම් චේන්ජ් වෙයි! රියදුරු වෛද්‍ය පරීක්ෂණ රජයේ රෝහලේ! ලයිසන් නිකුත් කරන වෙලාව sms එකකින්!

December 28, 2019 at 8:58 am | by emanisa.lk

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික නිකුත් කිරීම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට සතියක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ඇමතිවරයා පැවසීය.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය නිකුත් කිරීමට නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස