ජනපතිවරණ පොරොන්දු ඉටුකරන්න කැපවන්න! මනාප සටන් බෑ! – ජනපතිගෙන් ඇමතිවරුන්ට උපදෙස්…..

November 21, 2019 at 11:58 am | by emanisa.lk

යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිතය.

භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි කාලය ඇතුළත රැකියා ලබාදීමෙන් වැළකිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මහ මැතිවරණය ඉලක්ක කරමින්, මනාප ලබාගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද ඇමැතිවරුන් වැළකී සිටිය යුතු වෙයි.

මාර්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස