ජනපතිවරණයට පෙර මහා මැතිවණයක් පවත්වන සූදානමක්! ජනපති නීතිපතිගෙන් ජනමත විමසුම ගැන මතය අසයි!

June 16, 2019 at 8:05 am | by emanisa.lk

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන තිබෙන බරපතළ දේශපාලන අර්බුදය උග්‍රවීමත් සමඟ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය තුළ හදිසි මහ මැතිවරණයකට යාහැකි දැයි සිය නෛතික මතය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම්දී තිබේ.

මෙයට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරමින් නීතිපතිගෙන් විමසා තිබුණේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත් හදිසි ජනමත විමසුමක් තබා එයින් ජනතා අනුමැතිය ලබාගෙන මහ මැතිවරණයකට යාමට නෛතික බාධාවක් තිබේද කියායි.

ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ගැන මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ අධ්‍යයනයක් කරමින් සිටින අතර ලබන සතිය වනවිට නීතිපතිවරයා සිය මතය ජනාධිපතිට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස