ජනතා අසහනයට පිළිතුර ව්‍යවස්ථා සංශෝධනය නෙමෙයි…! ආර්ථික අර්බුදය විසඳන්න ප්‍රමුඛතාව දෙන්න…! – රනිල්…

May 1, 2022 at 5:35 pm | by emanisa.lk

රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නොහැකි බැවින් මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ආර්ථික අර්බුදය විසඳීමට බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොළඹ දී පැවැති මැයි දින රැස්වීමකට එක්වෙමින් හෙතෙම මේ බැව් කීවේය.

අද ඇත්තේ සටන් පාඨ දෙකක් බවත් ජනාධිපති ඉවත්වන්න සහ රාජපක්ෂවරු ගෙදර යන්න බව පැවසූ රනිල් වික්‍රමසිංහ, මේ වන විට ආණ්ඩුව ඇතුළේ මෙන්ම රාජපක්ෂ සහෝදරයන් අතරත් ගැටුම් මතුව ඇතැයි කීවේය.

“මම 20 වැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 20 සංශෝධනය කර විධායක ජනාධිපති බලතල අහෝසි කර 19 ගෙන එනවා නම් එය අම්බලමක් ලෙස මා දකිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *