ජනතාව නොදත් රහස් පොතක් එළියට දානවා..! – මෛත්‍රී…

November 21, 2022 at 6:48 am | by emanisa.lk

ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමන් එදා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන විවිධ අය චෝදනා කළත්, එවැනි තීන්දුවක් ගැනීමට දැඩි ලෙස සිත් පෑරුණු සිදුවීම් ගණනාවක් හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණු සහිත කෘතිය පිටවූ පසු තමන්ට මොනවා වෙයිද දන්නේ නැතැයි ද හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් ‘අර්බුදය, අයවැය හා රටේ අනාගය’ යන මැයෙන් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (20) පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *