පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කරන දේශපාලකයින්ට සහ නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට යන බව ජාතික ජන බලවේග නීතීඥයෝ පවසති.
එම පිරිසට පාස්කු ප්‍රහාරයට එරෙහිව ලබා දුන් ආකාරයේ තීන්දුවක් ලැබෙනු ඇතැයි ද නීතිීඥ සුනිල් වටගල සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිටුපස කැබිනට් මණ්ඩලය ද රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙක් ද සිටින බව හෙතෙම කීය.
පොලිස්පති, මුදල් අමාත්‍යංශ ලේකම්, නීතිපති, රජයේ මුද්‍රණාලයාධිපති සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් එම නිලධාරීන් බවයි, සුනිල් වටගල අනාවරණය කළේ.